2013-09-26

Keyman නැතුව සිංහල ටයිප් කරන්න මෙන්න KeyHelp..අරගෙනම බලන්න..පට්ටයි..

Posted in

කොහොමද යාලුවනෙ ඔයාලට..ඔන්න මම අද ඔයාලට තවත් වටින බාන්ඩයක් ගෙනාව..ඔයාල දන්නවනෙ සිංහල ටයිප් කරද්දි හල් අකුරු ටයිප් කරන්න එපා වෙනව..Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා.මේකට විසදුමක් විදියට අපි භාවිතා කරෙ Keyman(Helabasa)...ඒත් Keyman  Windows XP සමග හොදින් වැඩ කරාට Windows 7 එක්ක ටිකක් පිස්සු නටනව...දැන් ඉතින් Keyman වැඩ නෑ කියල දුක් වෙන්න දෙයක් නෑ..අපෙ දක්ශයෙක් අලුත් මෘදුකාංගයක් නිර්මානය කරල තියෙනව..මේ මෘදුකාංගයෙ නම KeyHelp ..මේක නිර්මානය කලෙ Harsha Indunil කියන යාලුව..මේ මෘදුකාංගය Windows 8, Windows 7, Windows Vista, Windows Server, Windows XP යන මෙහෙයුම් පද්දති සියල්ල සමග වැඩ කරනව..හරි අපි දැන් මේකෙන් වැඩ කරන්නෙ කොහොමද බලමු..හරිම ලේසි..සීරියල්,ක්‍රැක් මුකුත්ම වැඩක් නෑ..මොකද මේක 100% නොමිලෙ ලබාදෙන මෘදුකාංගයක්..හරි මම පහලින් දෙන ලින්ක් එකෙන් මුලින්ම මේ මෘදුකාංගය බා ගන්න...


හරි බාගෙන ඉවර වෙලා මේ මෘදුකාංගය ඔයාගෙ පරිගණකයට ස්ථාපනය කරගන්න..පරිගනකය ස්ථාපනය කරගත්තට පස්සෙ Taskbar එකෙ මේ විදියට පෙන්නනව..

දැන් ඔය සි අකුර උඩ ක්ලික් කරල ඒක Enable කරන්න..Enable කරාට පස්සෙ සි අකුර නිල් පාට වෙනව..


දැන් ඔයාට කරදරයක් නැතුව සිංහල ටයිප් කරන්න පුලුවන්..


ඔයා සිංහල ටයිප් කරන හැම වෙලාවෙම මේ මෘදුකාංගය Enable කරලද බලන්න.. මේක වර්ඩ්, එක්සෙල්, ෆොටෝෂොප්, ඊමේල් ඇතුලු ඕනෑම මෘදුකාංගයක් තුල යුනිකේත භාවිතයෙන් තොරව නිවැරදි සිංහල ටයිප් කිරීම පහසු කරවන මෘදුකාංගයක්..මේ මෘදුකාංගයෙ නවතම තොරතුරු දැනගන්න ඔයත් Freidea Solution Facebook පි‍ටුවට ලයික් එකක් දාගෙනම යන්න..මේ මෘදුකාංගය ගැන ඔයාලටත් මොනවහරි කියන්න තියෙනම් මෙතනින් ගිහින් Harsha Indunil යාලුවට ඒක කියන්න පුලුවන්..
මේ Post එක ඔයාලට වැදගත් උනානම් එකක් Comment එකක් හරි Like එකක් හරි දාල යන්න.ඔයාගෙ අනිත් යාලුවොන්ට  දැනගන්නත් එක්ක  Share පාරක් හරි Tweet පාරක් හරි දාන්න.එහෙනම් මම ගියා.....ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්. 

ප්‍රතිචාර