2013-11-19

මොනවද මේ BOTNET කියන්නෙ...

Posted in

කොහොමද යාලුවනෙ ඔයාලට...මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න බැරි උනා...එක එක ගැටලු නිසා....බ්ලොග් එකක් උනත් මේක තනියම කරන්න ගියාම එපා වෙනව...ඒක නිසා තව ඩෑල් එකක් සෙට් කරගත්ත...
ඌ නමින් මදුශන් කුවේජු.. ඉස්සරහට ඌත් ඔයාලට පෝස්ට් දාවි..හරි අද මම ඔයාලට කියන්න දන්නෙ මොකක්ද මේ BOTNET කියන්නෙ කියල...මුලින් හිටියෙ Botnet එකක් හදන විදිය දෙන්න..ඒත් ඊට කලින් හිතුන මේක ගැන විස්තර කරල පෝස්ට් එකක් දෙන්න..මොකද මේව ගැන දන්න යාලුවන්ට වඩා නොදන්න කට්ටිය වැඩි..දන්න කට්ටියටයි නොදන්න කට්ටියටයි දෙගොල්ලන්ටම අද මේක දෙන්නෙ..

අද කාලෙ සයිබර් අපරාදකාරයො අම්බානෙක ඉන්නව..ලෝකෙ තියෙන සෑම පරිගනක 3කින් 1ක් පාලනය කරන්නෙ මේ අපරාදකාරයෙක්...මොවුන් පාලනය කරන පරගනක ගාන 1ක් 2ක් නෙමෙ..පරිගනක කෝටි ගනනක් මොවුන් යටතෙ පාලනය වෙනව..අන්න ඒ පරිගනක ඔක්කොම එකට එකතු කරල තනි ජාලයක් මේ අපරාදකරුවන් විසින් නිර්මානය කරනව.
Botnet කියල හඳුන්වන්නෙ මෙවැනි ජාලයකට..අන්තර්ජාලයට සම්බන්ද පරිගනක කෝටිගානක් එකම අරමුනකට මෙහෙයවන්න මේ Botnet එකකට පුලුවන්.Botnet වලට සම්බන්ද රොබෝ වැඩ සටහන හඳුන්වන්නෙ IRC Bot(Internet Realy Chat Bot) යන විශේෂ නමිනි..IRC Bot කියන්නෙ එම වේලාවෙම සන්නිවේදන කටයුතු කලහැකි (Real Time Chat Communication) යන තාක්ශන ප්‍රමිතියට..ඒ කියන්න්නෙ ප්‍රොටොකෝලයක්... IRS සේවා සපයන Servers වෙත ඕනෑම කෙනෙක්ට ඇතුල් වෙන්න පුලුවන්..ඒ කියන්න්නෙ Free Access වෙන්න පුලුවන්..නොයෙක් IRS Servers තවත් IRS Servers සමග එක්වී ජාල තනාගන්නව..එම ජාල මගින් ප්‍රසිස්ද,අප්‍රසිද සන්නිවේදන කටයුතු කරන්න පුලුවන්..IRC Bot තැනෙන්නෙ මේ IRS Server Network ඔස්සේ ස්වයංක්‍රීය විදාන හැසිරවීම තුලනි..මෙන්න මේ විදාන නපුරු වෙන තරමට ගොඩනැගෙන ජාලයේ අරමුනද නපුරු වේ..

බොට්කාරය නැත්තම් Botnet එකක් හදාගන්න හිතන කෙනා මුලින්ම කරන්නෙ ඒ සඳහා ගැලපෙන මෘදුකාංගයක් හොයාගන්න එක...Internrt එකෙ ඕන තරම් මේව හොයාගන්න තියෙනව...දක්ශ ක්‍රමලේකන ශිල්පීන් මේව නිර්මානය කරනව..තරමක් දක්ශ කට්ටිය මේවයි සුලු සුලු වෙනස්කම් කරල බාවිතයට ගන්නව...බොට්කාරය දියත්කරන මේ වැඩසටහන අනුන්ට හානිකර (Malicious) වැඩසටහනක්..එය බොට්කරුවාට ඕනෑ හැටියට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න සකසා තිබෙන්නක්..මුලින්ම මෙය අන්තරජාලය හරහා බෙදාහරිනව..Torrent,Free Fileshare Site(4Shared,Mediafire,Dropbox) තමයි මේ සඳහා වැඩිපුරම යොදාගන්නෙ..ඊට පස්සෙ ආරක්ශාව අතින් දුර්වල එනම් ප්‍රතිවෛරස් මෘදුකාංග නොමැති,නිසිකලට එම මෘදුකාංග යාවත්කාලීන නොකරන පරිගනක වලට රින්ග ගන්නව..Botnet එකක් අපෙ පරිගනකයට රින්ගුවට අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නැ...මොකද මේව ගොඩක් වෙලාවට එන්නෙ ට්‍රෝජන් මාදිලියෙ මේල්වෙයා හෙවත් අහිතකර මෘදුකාංග විදියට...මෙය වෛරස් හා වර්ම් වැඩසටහනකට වඩා වෙනස්..ඒ කියන්නෙ මේක අපෙ මැසිමෙ ක්‍රියාත්මක උනාට අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නැ..

Botnetවල තියෙන අනිත් විශේශත්වය තමයි මේක ඉබේම යාවත්කාලීන(Update) වීම..බොට්කරුවාගෙ අනුදැනුම ඇතිව හෝ නැතිව තමන්ගේ දුර්වලක්ම් මගහරවා ගනිමින් යාවත්කාලීන වෙන්න මේ බොට් වැඩසටහන් වලට පුලුවන්..Botnet එකක් ඇන්ටිවෛරස් වැඩසටහන් වලට අදුනගන්න බැරි ඒක හේතුවක් තමා මේක...ඔන්න ඔහොම තමන්ගෙ යටතට ගත්තු පරිගනක ඔක්කොම ජාලයක් විදියට එකම අර්මුනකර යොමුකරන්න බොට්කරුවට පුලුවන්..පරිගනකයෙ හිමිකරුගෙ වැඩවලට බාදාවක් නොකර ඉතිරි පරිගනක දාරිතාව බොට්කරුවා විසින් ඔහුගෙ ලෙස හසුරවනව..මෙන්න මෙහෙම හැසිරෙන පරිගනක අපි Zoombie PC කියල හඳුන්වන්නෙ..බොට්නෙට් එකක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල පහල තියෙන පින්තූරෙ බැලුවම ඔයාලට පැහැදිලි වේවි...


ගොඩක් බොට්කරුවන් තමන්ගෙ බොට්ජාලයෙ බලය පෙන්නල මුදල් උපයනව..මෙම සේවාව මිලදී ගන්නෝද ජාවරම්කාරයො...ජනප්‍රිය මෘදුකාංගවල හොර කොපි විකිනීමට,බෙහෙත්වර්ග විකිනීමට ඔවුන් බොට්ජාලයට මුදල්ගෙවයි..ඊට පස්සෙ මේ බෙහෙත්වර්ග,මෘදුකාංග ගැන ස්පෑම් ඊමේල් තොගගනන් බොට්නෙට් එක හරහා යවයි...තව බැංකු හා රජයේ රහස් තොරතුරු සොරාගෙන ඒවා උවමනාකරන පුද්ගලයන්ට විකුනා මොවුන් මුදල් උපයනව...තව කියයම් වෙබ් අඩවියක් අවහිරකරන්න ඕන උනාම කරන්න පුලුවන් දෙයක් තමා පරිගනක විශාල ගනනකින් එම වෙබ් අඩවියවෙත පිවිසෙන්න උත්සහ කිරීම...Botnet එක හරහා මෙය ලේසියෙන්ම කරන්න පුලුවන්..ඒ කියන්නෙ අන්තර්ජාලයෙ බොරු තදබදයක් ඇතිකරන්න මේ Botnet වලට පුලුවන්..මේම වෙබ අඩවිවලට එල්ල කරන වෙබ් ප්‍රහාර අපි DDoS (Distributed Denial of Service) කියල හඳුන්වනව...ඒ ගැන අපි ඉදිරි ලිපිවලින් කතා කරමු....

Botnet ගැන ගහපු බයිලාව මෙතනින් ඉවරයි...ඔයාලට Botnet එකක් කියන්නෙ මොකක්ද කියන එක තෙරුනා කියල හිතනව....අනිත් යාලුවන්ට දැනගන්න එක්ක Like එකක් දාල Share පාරක් දාන්න..Botnet එකක් හදන්නෙ කොහොමද කියල අපි ඊලඟ පෝස්‍ටුවෙන් කතා කරමු..ගැටලුවක් තියෙනම් කමෙන්‍ටුවක් දාන්න...පුලුවන් විදියට ප්‍රතිචාර දක්වන්නම්...එහෙනම් මම ගියා.......හැමෝටම බුදු සරනයි..පරිස්සමෙන් ඉන්න..

ප්‍රතිචාර