2015-10-09

iPhone 6p,6,5s,5,5c,4s අපිම Unlock කරගනිමු.(RSIM Unlock)


කොහොමද යාලුවනේ..ගොඩ කාලෙකින් ඔයාලට මුකුත් ලියන්න බැරි උනා.ඔන්න අද අරන් ආව ගොඩාක් අයට වටින ලිපියක්..දැන් ගොඩාක් අය iPhone භාවිතා කරනවනෙ..සමහර අයගෙ ඒව Factory Unlock ..එහෙම නැති අයට ඉතින් RSIM දාල තමා Use කරන්න වෙන්නෙ..අද මම ඔයාලට කියල දෙන්නෙ කොහොමද ගෙදරදිම ඔයාගෙ iPhone එක RSIM Unlock කරගන්නෙ කියල..ෆෝන් කඩේකට දීල කරොත් උන්ට හිතෙන ගනන් ගන්නව..අපෙ අක්කගෙ එකට ගාල්ලෙ කඩේකින් 5000ක් ගත්ත..ඊට පස්සෙ තමා මම මේක හොයල බැලුවෙ..විනාඩි 2 වැඩකට 5000ක් ගන්නව කියන්නෙ අන්තිම බලු වැඩක්..හරි දැන් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල..මම මේකට ගත්තෙ RSIM වල අලුත්ම එක.ඒ කියන්නෙ RSIM 10 එක..


ගත්තෙ Trans Asia Cellular එකෙන්..රුපියල් 750යි.ගොඩාක් අය මේ Shop එක ගැන දන්නවනෙ..මමනම් දන්න මිල අඩුම තැන මෙතන තමා..මුලින්ම ඔයාට ඕනි Nano Sim එක ආකේඩ් එකට ගිහිල්ල අර ගන්න..සිම් එක ගනිද්දි මතක ඇතුව Nano 3G Sim එකක් දෙන්න කියල ඉල්ලන්න.මම දන්න විදියට Nano 4G Sim එක RSIM වලට Support කරන්නෙ නෑ..අනිත් වැදගත්ම එක තමයි රටින් එවන ෆෝන් එකක්නම් ඒ ෆෝන් එකට එන Sim එක මොකක්ද කියල අපි දැනගෙන ඉන්න ඕනි.මේ වගෙ පොඩි Sim කෑල්ලක් එන්නෙ.


මොකද මේකෙන් කරන්නෙ අපෙ ලංකාවෙ Network එක ඒ රටෙ Network එකක් විදියට ෆෝන් එකට ගන්න එක..දැන් ඔයාගෙ Phone එකෙ Sim එක දාන කොටස එලියට අරගන්න..ඊට පස්සෙ ඔයා ගත්තු RSIM එකෙ යටි පැත්තෙ ඇලවෙන කොටසක් තියේ..එක අයින් කරල ඔයාගෙ Nano Sim එකට තියල අලවල සිම් එක Phone එකට දාන්න..සමහර RSIM වල අලවන්න නෑ.එහෙම එකක්නම් නිකන් ඔයාගෙ Sim එක යටින් ඒක තියල Phone එකට දාන්න..

Sim දාල Phone එක Reboot පාරක් දාන්න.On උනාට පස්සෙ මේ වගෙ Menu එකක් ඒවි..


මෙතනදි තමා Phone එකට ආපු Sim එකෙ නම Select කරන්න ඕනි..ජපන් වලින් වගෙ එවන ගොඩාක් ඒව AU නැත්තම් Softbank/Docomo..ඊලඟට ඔයාගෙ Phone එකෙ Modle  අහවි..5s,5,5c,4s හරි 6 හරි ඔයාගෙ Modle එක ‍තෝරල දෙන්න..

ඊට පස්සෙ ඔයාට ඕනි Network එක අහවි.මෙතනට මතක ඇතුව මම කො‍ටු කරල පෙන්නල තියෙන 3G Network එක Select කරන්න..


දැන් Setup Ok කියල ෆෝන් එක Reboot කරන්න අහවි.ඒක Accept කරල Reboot කරන්න.


ෆෝන් එක On උනාම ඔයාගෙ Sim එක Phone එකට අරන් ඇති..උඩින් Signel පෙන්නවනම් වැඩෙ හරි..

මෙන්න මේකට තමා RSIM Unlock කරනව කියල 5000 කෑලි අපෙන් කඩා ගන්නෙ..සමහරු කියාවි Update කරන්න බෑ කියල..ඔන්න මම IOS 9.1 Update එකට කරා.කිසිම ගැල‍ටුවක් නෑ..


ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න.නැත්තම් මට බුකියට මැසේජ් එකක් දාන්න.ආයෙත් මේ වගෙ ඔයාලට වැදගත් ලිපියක් එන්නම්..බුදු සරණයි..පරිස්සමෙන් සතුටින් ඉන්න..මම ගියා....
ප්‍රතිචාර