2014-12-25

Facebook Hacking වලින් බේරෙන්න.කියවලාම බලන්න.


මුලින්ම කිතුනු යාලුවන්ට ලැබූ නත්තල සුබ නත්තලක් වේවා කියල මම බොක්කෙන්ම සුබ පතනව.ම්ම් හොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ.මේක ගැන මීට ක්ලින් දාල.මම හිතන් හිටෙයෙ Phishing වලට අහුවෙන උන් දැන් ලංකාවෙ නෑ කියල..හ්ම්මෙ තාම ඉන්නව. අහුවෙච්ච සමහර උන් Facebook Password එක වෙනස් කරගන්නවත් දන්නෙ නෑ...ඒ උනාට කිම්බක් දැක්කොත් Hii,Kohomada dr ගාගෙන යන්නෙ.උන්ට කෙල උනෙත් කිම්බක් නිසා තමයි.මේක ලියන්න දෙවෙනි කාරනෙ අපෙ චූටි අක්කගෙ බුකියෙ මැසෙජ් ටික කවුද කියවලා කියල මාව කන්න හදනව.දෙන්න තියෙන උපරිම ආරක්සාව දීල තියෙන්නෙ ඒකිට.අක්කට මෙව්ව ලඟ ඉඳන් කියල දෙනව කියන්නෙ ඌරෙක්ට කලනය කියල දෙනව වගෙ වැඩක්.මොලේට යන්නෙම නෑ.මයෙ අක්කෙ උබත් මේක කියවලා බලන්න.හ්ම්ම්ම් ඇත්තටම මේ Facebook Hack කරන්න පුලුවන්ද?ඒ කොහොමද?මම දන්න විදියට Facebook Hack කරන්න නම් ඌ හොඳ වැඩ්ඩෙක් වෙන්න ඔනි.ඒත් Facebook User කෙනෙක් Hack කරන්නම් පුලුවන්.ඒ ඔහුගෙ තියෙන දුර්වල කම් නිසා...මේ ලඟක ඉඳන් මගෙ බුකියෙ ඉන්න එකෙක් දිගට හරහට Like Page Invite එව්ව.මම ඉතින් උගෙන් ඇහුව මචන් උබ Page එකක් කරනවද කියල.මූ නෑ කිව්ව.මම ඇහුව ඇයි ඒනම් Invite එවන්නෙ කියල.මූ මගෙන් ඇහුව ඔලුව කොහෙහරි වැදුනද කියල.මම ඉතින් සද්ද නැතුව ඉඳිය.ටිකකින් මූ මගෙ Blog එකෙ තියෙන Group Add Javascript එකෙන් Group එකට උගෙ යාලුවො Add කරා.මම ඉතින් ඇහුව උබට Group Adder Javascript එකක් හදල ඕනිදි කියල.මූ මගෙන් ඇහුව ඒ මොකක්ද කියල.එවෙලෙ දැනගත්ත මුගෙ Acount එකට වෙන එකෙක් ගේම ගහල කියල.අද ඉතින් හැම එකාම මුලින්ම කරන දේ Phishing නිසා මම උගෙන් ඇහුව මචන් උබට කවුරුහරි Link එකක් එවුවද Log වෙන්න කියල.මූ එකෙන්ම ඔව් කිව්ව.මම ඉතින් එවපු ලින්ක් එක එවපන් කිව්වම මූ එව්ව.මෙන්න


හම්මෙ Like 1000ක් ගන්න Opera Mini වලින් Log වෙන්නලු.ලොල්. කෙල්ලෙක් එව්ව නිසා මූත් එකෙන්ම ලොග් වෙලා.මුගෙ හිතෙ ඇති දෙන්න එක්ක රෑට නයි නටවන්න.ඔන්න නටවන්න ගිහිල්ල කෙලව ගත්ත.මෙන්න මේකි............ අහ්හ් මේකි නෙමෙ මූ.මොකද මේක FAKE ACOUNT එකක්.


මෙන්න Link එක. https://www.facebook.com/100005196707159 බලපල්ල උබලගෙ Acount එකෙත් ඉන්නවද කියල.Phishing කියන්නෙ Hacking නෙමෙ.Phishing කියන්නෙ Social Engineering වල එක් ක්‍රමවේදයක් විතරයි.මේකෙදි කරන්නෙ ඔයාලව ගොනාට අන්දනව වගෙ වැඩක්. හරි දැන් බලමු Hack කරන්න බැරි විදියට ඔයාගෙ Facebook ගිනුම හදාගන්නෙ කොහොමද කියල.

01)මුලින්ම ඔයාගෙ මුර පදය නැත්තම් Password එක කාටවත් අනුමාන කරන්න බැරි විදිහෙ එකක් දාන්න.

02)දැන් ඔයාගෙ එකවුන්ට් එකෙ වලට යන්න.ගිහිල්ල මෙන්න මේ කියනව ඒව ටික කරගන්න.



*Login Alerts = මේ දාගත්තට පස්සෙ ඔයාගෙ ගිනුමට වෙනත් Browser එකකින් Log උනානම් එවෙලෙම Notification එකක් එනව.




*Login Approvals =  මෙතනදි ඔයාල ඔයාගෙ Mobile Number එක දෙන්න ඔනි.දුන්නට පස්සෙ Sms එකකින් ඔයාට Code එකක් එනව.ඒ Code එක දීල Submit කරන්න.ඊට පස්සෙ ඔයාගෙ Password එක පිට කෙනෙක් දැනගත්තත් ගැටලුවක් නෑ.මොකද එයා Email,Password දීල Log වෙන්න හැදුවට හැමවෙලෙම Security Code එක එන්නෙ ඔයාගෙ දුරකතනෙට.ඒක නිසා Email,Password දැනගත්තත් Security Code එක නැතුව Log වෙන්න බෑ.



*Code Generator =  මේකෙදි වෙන්නෙ ඔයා Facebook App එක භාවිතා කරනවනම් වෙනත් Browser එකකින් හෝ වෙනත් දුරකතනයකින් ලොග්වෙද්දි ඉහත කියපු Login Approvals ඔයා ක්‍රියාත්මක කරලනම් කෙට් පනිවිඩයෙන් යන Security Codeයට අමතරව මෙය මගින්ද Security Code එකක් ඔයාලට දෙනව.සමහර අවස්තාවල Security Code එක Sms එකකින් එන්න මද වෙලාවක් යනව.ඒ වගෙ වෙලාවට මේක වටිනව.අනික මේකන් දෙන Security Code එක තත්පර 30න් 30ට Update වෙනව.

*App Password = මේකෙන් කරන්නෙ ගිනුම හා සම්බන්ද Application සඳහා වෙනත් එකක් ලබාදීම.

*Trusted Contacts =  හැම එකාම මුලින්ම කරන්නෙ Hack කරන්න ඕනි එකාගෙ Password එක Recover කරන්න පුලුවන්ද බලන එක.එතනදි ඉතින් ඔයා දීපු Security Question එක අහනව.ඒකට ඉතින් අනුමාන කරන්න පුලුවන් ප්‍රස්නයක් යොදල තියෙනම් දැන්ම මෙන්න මෙ පහසුකම බාවිතා කරන්න. මෙතනට ඔයාට විස්වාසවන්ත Facebook මිතුරන් 5ක් ‍තෝරල දෙන්න පුලුවන්.ඊට පස්සෙ ඔයාහරි වෙන කෙනෙක් හරි ඔයාගෙ Password එක Recover කරන්න හදද්දි මේ 5දෙනාට යන Code 5න් 3ක් ඕනි වෙනව.Security Question වලට වඩා මේක ආරක්ශිතයි.


වාහනයක් ඉස්සරහට යනව වගෙ පස්සටත් යන්න පුලුවන්නෙ.ඒ වගෙ හැම දේම දෙපැත්තක් තියෙ.සමහර උන් හිතන්නෙ Virus Gard එකක් දා ගත්තම ඔක්කොම හරි කියල.උන් Keylogger,Bot,Malware, වගෙ දේවල් අහලත් නෑ.Virus Gard Bypass කරන්න පුලුවන් කියල දන්නෙත් නෑ.හැම වෙලෙම Virus Gard එකෙ පිහිට පතන්න එපා.Virus Gard එකෙන් වෙන දේ කෙටියෙන් කියන්නම්.හැම Virus Gard එකක්ම Virus අල්ලන ප්‍රදාන ක්‍රම 2ක් තියෙනව.

1) Heuristic Detection
2) Hash Comparing

Heuristic Detection කියන්නෙ Virus Gard එකට සැක හිතෙන විදියට වැඩ කරන Process නවත්තන එක.Hash Comparing කියන්නෙ Virus Gard එකෙ Database එකෙ තියෙන MD5 Values එකට Sacan කරපු Virus එකෙ  MD5 Values එක සමානනම් Threat විදියට හඳුනාගෙන Quaranitine කරන එක.මොකද මේකෙදි කරන්නෙ Scan කරන File එකෙ MD5 අගය Calculate කරල Virus Gard එකෙ Database එකත් සමග Values එක Compare කිරීම.මෙතනට අදාල නැති නිසා මේ දෙක ගැන කෙටියෙන් කිවුව..වැඩි විස්තර දැන ගන්න ඕනිනම් Comment එකක් දාන්න.වෙනම පෝස්ට් එකක් දෙන්නම්.මේ පෝස්ට් එක වැදගත් කියල හිතෙනවනම් යටින් Comment එකක් දාල යන්න.යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාන්න.එනම් ආයෙත් මේ වගෙ ඔයාලට වටින ලිපියක් අරන් එන්නම්.

ප්‍රතිචාර